සතුරු කඳවුරේ පරාජය සහතික කරමින් ගෝඨා විජයග්‍රාහී නාම යෝජනාවට අත්සන තබයි!

October 6, 2019 at 10:24 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබීය.

පෙරවරු 9.46ට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ මිරිහාන නිවසේදී සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ බව වාර්තා වෙයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට උදෑසන 9 -11 දක්වා සිදු කෙරෙන අතර හෙට උදෑසන 11.30 දක්වා ඊට විරෝධය පළ කිරිමට හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස