සජිත් දාලා ජනාධිපතිවරණයක් දිනන්න අමාරුයි! – සරත් ෆොන්සේකා

September 25, 2019 at 6:54 pm | by emanisa.lk

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර දිනවීමේ හැකියාව පිළිබඳ ගැටළුවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එසේම සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබා දෙන්නේ අගමැතිවරයා ඉදිරපත් කර ඇති කොන්දේසිවලට එකඟ වන්නේ නම් පමණක් බව ද හෙතෙම සඳහන් කළේය. එසේම එජාපයේ ගැටලු තවමත් අවසන් වී නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

එසේම රණවිරුවන් විසින් රටට කළ සේවය අගය කරන බවත් ආබාධිත රණ විරුවන්ට අනිවාර්යෙන් රජයෙන් සාධාරණයක් ඉටුවිය යුතු බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා විරෝධතා කර වැටුප් වැඩිකර ගැනීමේ ක්‍රම යුද හමුදාවේ උගන්වා නොමැති බවත් කියා සිටියේය.

යුද්ධය නිසා තමා ද ආබාධිත වී ඇති නමුත් යම් යම් දේවල් දිනා ගැනීම සඳහා තමා සටන්කර නොමැති බවත් ප්‍රකාශ කළේය.

අද (25) මාකොළ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස