සජිත්ට නායකත්ව කැපෑසිටියක් නෑ! එජාපයෙන් ගිහින් අනාථ වෙන්න අපට බෑ!- සජිත් පිලේ පිරිසක් නැවතත් රනිල් තුරුළට…

March 2, 2020 at 10:52 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට මෙතෙක් සජිත් පාර්ශවයේ කටයුතු කළ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

එම කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත දැනටමත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවය.

පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම සහ සජිත් ප්‍රේමදාසගේ නායකත්ව ගුණාංග තහවුරු වී නොතිබීම හේතුවෙන් ඔහුට විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි විශ්වාස කල නොහැකි බව ඔවුනගේ අදහසය.

සජිත් ප්‍රේමදාසට සමීපව කටයුතු කළ කොළඹ, මහනුවර, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ බව තම දේශපාලන ආධාරකරුවන් වෙත දන්වා ඇත.

අද පැවති සමගි ජන බලවේගයේ උත්සවය සඳහා ද දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එජාප මන්ත්‍රීවරුන් 25කට අධික පිරිසක් සහභාගී වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස