සජිත්ගේ නීති විරෝධී 1326 අත්හිටුවයි!

October 12, 2019 at 8:00 am | by emanisa.lk

ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස ලබා ගෙන ඇති 1326 දරන කෙටි දුරකතන අංකය විදුලි සංදේශන කොමිෂන් සභාව මගින් අත්හිටුවා ඇත. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැමිණිලි කිරීමෙන් පසුව එම අංකය අත්හිටුවා තිබේ.

නීති විරෝධි ආකාරයට සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා සජිත් පේමදාස විසින් 1326 අංකය යොදාගැනීම හේතුවෙන් එම කෙටි දුරකතන අංකය විදුලි නියාමන කොමිෂන් සභාව විසින් අත්හිටවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ වෙත දන්වා ඇත.

මෙම කෙටි දුරකතන අංකය ලබා දී ඇත්තේ Rakwana Minerals Exploration (pvt) ltd නම් පෞද්ගලික සමාගමක් වෙතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස