ශුද්ධ වූ අල් කුරානය සිංහල භාෂාවට නැඟීම සංහිඳියාවේ සන්ධිස්ථානයක්!

April 8, 2019 at 7:12 am | by admin

කතාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව මේ රටේ සියලු දේශපාලනඥයන් වගකිව යුතු බවත් කතාකරන භාෂාව අනුව මිනිසුන් බෙදී වෙන් නොවිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේ අද (07දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනි.

සරල සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල්-කුරානය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙහි දි අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ජාතික සමඟිය සහ සංහිඳියාව ගොඩනැංවීමේ වැඩපිළිවෙළේ දී කතාකරන භාෂාව අනුව සමාජය තුළ සිදුව ඇති බෙදීම මහත් බාධාවක් වී ඇති බවයි.

සියලු ජාතින් සහ ආගමිකයන් අතර ඇතිකරගන්නා අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය මඟින් මෙම බෙදීම අවසන් කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශුද්ධ වූ අල්-කුරානය සිංහල බසට පරිවර්තනය කිරීමට ගත් පියවර රට තුළ ජාතික සමඟිය සහ සංහිඳියාව ඇතිකිරීමේ වැඩපිළිවෙළේ සුවිශේෂි සන්ධිස්ථානයක් බව ද සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ භාෂාව අනුව පාසල් වර්ගීකරණය කිරීම ද අවසන් විය යුතු අතර තම සංකල්පයක් මත පොළොන්නරුවේ ඉදි කළ ත්‍රෛභාෂා ජාතික පාසල් ව්‍යාපෘතිය දිවයිනේ අනෙකුත් පළාත් සඳහා ද ව්‍යාප්ත වීම ඉතා වැදගත් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස