සංහිඳියාව සඳහා අපේ යුතුකම් ඉටු කළා! මේ දෙමළ නායකයන්ගේ වාරයයි! – හිටපු ගුවන් හමුදාපති

February 20, 2019 at 5:05 pm | by admin

රටේ සෛවරීභාවය ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමෙන් පසු අත්අඩංගුවට පත් කොටි සාමාජිකයන්ට සමාව දී පුනරුත්ථාපනය කොට සමාජයට මුදා හැරීමට අප සාර්ථක ලෙක කටයුතු කළ ආකාරය සහ අප අපගේ යුතුකම ඉටු කොට තිබෙන ආකාරය ජාත්‍යන්තරය වටහා ගත යුතු යැයි හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක පවසයි.

එසේම සෑම දෙමළ දේශපාලන පක්ෂයක්ම මෙම තත්ත්වය අවබෝධ කරගෙන රටේ සංහිඳියාව ගොඩ නැඟීමට මීට වඩා යමක් ඔවුන්ගේ පාර්ශවය මැදිහත් වී කළ යුතු යැයි හෙතෙම අවධාරණය කරයි. සිංහල ජනතාව සංහිඳියාව වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇති බවත් එය සාර්ථක කර ගැනීමට නම් දෙමළ පාර්ශවය ඒ සඳහා දායකත්වය ලබා දිය යුතු බවත් ගුවන් හමුදාපතිවරයා පවසයි.

සිය සහෝදරයා ද යුද සමයේ ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය බවත් එසේ වූ පමණින් තමන්ට දෙමළ ජනතාව සමග කිසි තරහක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. සටන් කළ පිරිස ලෙස තමන්ට එවැනි සමාවක් දිය හැකි නම් අනෙක් පාර්ශවය ඒ සඳහා මීට වඩා යමක් කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *