ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් ISIS පුහුණුවේ! රුපියල් ලක්ෂ ගණනින් මුදල් එවලා! පරීක්ෂණ ඇරඹෙයි!

May 16, 2019 at 6:19 pm | by admin

සිරියාවේ අයිසිස් පුහුණුව සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ. අයිසිස් සංවිධානයට බැඳීමට ගිය මුල්ම ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමට අයත් බව පවසන මේ තිදෙනා මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ් සහ ඔහුගේ සහෝදරයා වන සර්පාස් නිලාම් සහ මොහොමඞ් අරුෂ් මොහොමඩ් සුහයිර් ලෙස හඳුනා ගෙන තිබේ.

මොවුන් විසින් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් ශ්‍රී ලංකාවට එවා ඇති අතර ඉන් කොටසක් පෙර කී සහෝදරයන් දෙදෙනාගේ දෙමාපියන් වාසය කරන ගල්කිස්ස නිවසේ තිබී හමු වී ඇත. ඒ මෙම සිද්ධිය පිළිබඳ ඔවුන්ගේ පියා විසින් ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමත් සමගය.

අවස්ථා දෙකක දී පාර්සල් දෙකක් තමා වෙත ලබා දුන් බව ද අනතුරුව සිය පුතා වට්ස්ඇප් මගින් අමතා එම පාර්සලය තමා දැනුම් දෙන තුරු ආරක්ෂිතව තබන ලෙස උපදෙස් දුන් බව ද අනතුරුව එහි ඇති මුදල ඩොලර්වලට මාරු කරන ලෙස කී නිසා එසේ කළ බව ද එම පියා පවසා ඇත. මේ වන විට අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස