ශ්‍රී ලංකාව ආයෙත් පරාදයි! ඩ්‍රෙසිං රූම් සැමරුම් නෑ! ඇමතිගේ ට්විටර් පණිඩිත් නෑ!

March 23, 2019 at 10:59 am | by admin

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 16ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියද තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 180ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ට රැස්කළ හැකිවූයේ ලකුණු 164ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් සියල්ලන්ම අසාර්ථකවෙද්දී පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන පන්දු 48කදී හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 84ක් රැස්කළත් ඔහුට කිසිවෙකුගෙන් හෝ සහායක් නොමැතිවීම හේතුවෙන් තරගයේ පරාජය ශ්‍රී ලංකාවට හිමිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස