ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දුන්නත් ජාතික ආණ්ඩුවක් නෑ! – මහින්ද අමරවීර

March 28, 2019 at 7:30 am | by admin

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර යළිත් කිසිදු ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර ඊයේ (27දා) පැවසීය.

ආණ්ඩු පක්‍ෂයේ ඇමතිවරයකු ජාතික ආණ්ඩුවක් ගැන මාධ්‍යයේ සඳහන් කළද ඒ පිළිබඳව මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බවත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප‍්‍රකාශයක් බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඇමතිකම් දුන්නද එයින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමක් සිදු නොවන බවත් මේ මොහොතේ ජාතික ආණ්ඩු සෑදීමේ කිසිදු අවශ්‍යතාවක් ශ්‍රීලනිපයට නොමැති බවත් පැවසූ මහ ලේකම්වරයා ජාතික ආණ්ඩුවක් සාදන්නේ නම් ඒ පිළිබඳව මුලින්ම දැනගන්නේ තමන් බවත් කීය.

මේ අතර ශ්‍රීලනිපයෙන් එජාප ආණ්ඩුවට එකතු වූ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට ඇමති ධුර ලබා දෙන ලෙස ඉල්ලා එජාපය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇතැයි ද වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස