ශ්‍රීලනිපයෙන් වෙල්ගම ජනාධිපති කරන්න චන්ද්‍රිකා බරටම වැඩ!

September 1, 2019 at 10:52 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මතයක් නිර්මාණය කරමින් ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලනිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දීම වැළැක්වීම ඔස්සේ එජාප විරෝධී ඡන්ද කැඩීම මෙම මෙහෙයුමේ අරමුණ වී තිබේ.

ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන රෙද්ද බැනියම අඳින කුමාර වෙල්ගම ඉදිරිපත් කළ යුතු බව හිටපු ජනාධිපතිනියගේ මතය වී ඇත.

ඒ සඳහා ශ්‍රීලනිපයේ ගෝඨා විරෝධී කිහිප දෙනාගේ ද සහාය හිමිව ඇතැයි දැනගන්නට ඇත. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ නායකත්වය භාරගැනීමත් සමගම නැවත ශ්‍රීලනිපය සමග සක්‍රීය ලෙස දේශපාලන කටයුතු ආරම්භ කර ඇති චන්ද්‍රිකා කුමාරතුංග මෙම යෝජනාව සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත ගැනීම සඳහා උත්සාහ කරමින් ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස