ශ්‍රීලනිපයට ගත හැකි හොඳම තීන්දුව ගෝඨාභයට සහාය දීමයි! – රංජිත් සියඹලාපිටිය

September 28, 2019 at 8:56 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත යුතු වඩාත් සුදුසුම තීරණය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයාට සහය ලබාදීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මේ බව පැවසීය.

“1988 පළාත් සභා මැතිවරණයේදී ඡන්දය භාවිත නොකරන ලෙස ඡන්දදායකින්ට අපි කිව්වා. දශක ගණනාවක් පක්ෂය පස්සට ගියා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ප්‍රමාදයි.

අපි සූදානම් වුණේ නැහැ. අපි වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියන්නේ ප්‍රගතිශීලි කණ්ඩායමේ ගමනට අකුල් හෙලීමක්. එ.ජා.ප.අපේක්ෂකයාට උදව් කිරීමේ පියවර. අපි අත්වින්ඳ තත්වයට වඩා එය වෙනස් වෙන්නේ නැහැ. නැවතත් යෝජනා කරන්නේ රනිල් අගමැති කරන්නයි.

බැඳුම්කර සිද්ධිය, අපැහැදිලි ආර්ථික ප්‍රතිපත්ති, ජාතික ආර්ථික සභාව, ජාත්‍යන්තර ගිවිසුම්, ව්‍යවස්ථා සංශෝධන ආදියෙන් එ.ජා.ප.අපේක්ෂකයාට. ඒවායින් නිදහස් වෙන්න බැහැ.

ශ්‍රී.ල.නි.ප.ය ගත හැකි හොඳම විසඳුම පොදුජන පෙරමුණේ අපේක්ෂකාට සහයදීමයි. අද රාත්‍රි 8ට මන්ත්‍රී කණ්ඩායම රැස්වෙනවා. සඳුදා මධ්‍යම කාරක සභාව රැස්වෙනවා. අද හවසත් ප්‍රධාන සාකච්ඡාව ඒකයි. අදත් ජනපති සමග සාකච්ඡා කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස