විස්සේ 3/5/14/22 වඟන්තිවලට ජනමත විචාරණයක් ඕන? ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි?

October 10, 2020 at 10:39 pm | by emanisa.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර ඇති 20 වන සංශෝධනයේ 3, 5, 14, 22 වන වගන්ති සම්මත වීමට පාර්ලිමේන්තුවේ 2/3න් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු ​බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

5 වගන්තිය මඟින් ජනාධිපතිවරයාට 19 වන සංශෝධනයට පෙර හිමි වූ මුක්තිය නැවත බලාත්මක කිරීමට යෝජනා කර තිබිණි.

එනම් 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමේ බලය ඕනෑ ම පුරවැසියෙකුට ලබා දී ඇති අතර එය 20 වන සංශෝධන කෙටුම්පත මගින් අහෝසි කිරීමට යෝජනා කර තිබේ.

එම 20 වන සංශෝධන කෙටුම්පතට එරෙහිව පාර්ශ්ව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ අතර එහි විභාගය අවසන් කරමින් මේ වන විට එම ශ්‍රේෂ්ඨාධිකරණ තිරීණය ඇතුළුත් වාර්තාව කතානායකවරයා වෙත ලබාදී තිබේ. කතානායකවරයා විසින් එම තීන්දුව ලබන 20 වනදා අපාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

කෙසේ වුව ද ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා රහසේ ලබා දෙන ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව සමාජ මාධ්‍ය වෙත පැමිණියේ කෙසේ ද යන්න සමාජ මාධ්‍ය ඔස්සේ ම ප්‍රශ්න කරමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස