විශ්වාසභංගය දිනූ ආණ්ඩුවේ ඇමති ධුර භාරගන්න ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු සූදානම්!

July 12, 2019 at 7:09 am | by emanisa.lk

මුස්ලිම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකින් පසු නැවත ඇමති ධුර ලබා ගැනීමට ඊයේ (11) තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුද්දීන් ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පූුර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබිය දී එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව පවසමින් ජවිපෙ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වූයේ ද ඊයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස