ගමේ විරෝධතා ව්‍යාපාර කිරීමේ දී තෙල් නැතැයි ද තව තව දෑ නැතැයි ද නිදහසට කරුණු කියමින් මග ඇරීම පිළිගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එවැනි පුද්ගලයින්ට තමන් ජනාධිපති වූ පසු ඇමැතිකම් ලබා දීමේ හැකියාවක් නැතැයි ද විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
මේ අවස්ථාවේ නිහඬව අලසව බියෙන් කටයුතු නොකර මහ පාරට බැසිය යුතු බවයි, ඔහු පෙන්වා දුන්නේ.
ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේය.