විපක්ෂය ජනතාවට ඉඩම් දෙනවාට අකමැති නිසා උසාවි ගියා! අපි ඉඩම් පනත ඉල්ලා අස්කර ගත්තා! – කිරිඇල්ල

August 21, 2019 at 11:23 am | by emanisa.lk

රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී න්‍යාය පත්‍රයෙන් ඉල්ලා අස්කර ගත්තේය.

“රටේ ලක්ෂ විසිපහකට සින්නක්කර ​ඉඩම් අයිතිය ලබාදෙන්නයි අපි මේ පනත් කෙටුම්පත ගෙනාවේ. ඒත් විපක්ෂය උසාවි ගිහින් එය නතර කළා. සාමාන්‍ය මිනිස්සුන්ට රටේ ඉඩම් අයිතිය ලබාදෙනවට විපක්ෂය විරුද්ධයි.” පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගනිමින් සභානායකවරයා කීවේය.

බන්දුල ගුණවර්ධන

විපක්ෂය මේ පනත් කෙටුම්පතට අකැමැති වුණේ සභානායක කියන හේතුව නිසා නොවේ. රට කෑලිවලට කඩලා මහ පොළවේ අයිතිය විජාතිකයන්ට ලබාදීමට එරෙහිවයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ.

සිසිර ජයකොඩි

මේ පනතට විරුද්ධව උසාවි ගිය කෙනෙක් මම. රජය අනුගමනය කළ යුතු ක්‍රියාදාමය නිසි ලෙස සිදුකර නැති නිසා මෙය නීති විරෝධී බවයි අධිකරණය පැවසුවේ.

විමල් වීරවංශ

මේ රටේ ඉඩම් විදේශිකයන්ට සින්නක්කරයට මිලදී ගැනීමට හැකිවන ලෙසයි මේ ඔප්පුව ජනතාවට දෙන්නේ. විදේශිකයන්ට මේ ඉඩම් සින්නක්කරයට මිලදී ගැනීමට නොහැකි වන ලෙස ඔප්පු ලබාදෙන්න. එවිට අප එකඟ වෙන්නම්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස