ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසර අවසාන වනවිට රු. කෝටි 21,000ක ණය උගුලක සිරවී සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පාඩුව රු. කෝටි 8500 ක් බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල රු.කෝටි 8200ක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
ඊට අමතරව පුද්ගලික අංශයෙන් මිලදී ගත් විදුලිය සඳහා ගෙවීමට ඇති මුදල රු. කෝටි 4300ක් බවත් සමස්තයක් ලෙස ගත්කළ විදුලි බලමණ්ඩලය රු. කෝටි 21,000ක ණය උගුලක සිරවී සිටින බවත් ඔහු සඳහන් කළේය.