විදුලි මාෆියාව නැවතත් ජයගනී! බල මණ්ඩලය නැවතත් හදිසි මිල දී ගැනීම්වලට යයි! 2017 හදිසි මිල දී ගැනීමකට රු. බිලියන 18ක්!

April 1, 2019 at 7:46 am | by admin

මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක හදිසි මිල දී ගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට ලංකා විදුලිය බල මණ්ඩලය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් හදිසි මිල දී ගැනීමක් ලෙස ලබා ගැනීමට අවසර ලබා දී ඇත.

2017 වසරේ ද මෙවැනි හදිසි මිල දී ගැනීම් යටතේ මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් මිලයට ගැනීමට කටයුතු කළ අතර ඒ සඳහා මාස 06කට වැය වෙතැයි ඇස්තමේන්තු කළ මුදල රු. බිලියන 18කි.

ලංකා විදුලිය බල මණ්ඩල වෘත්තීය සමිති සහ ඇතැම් කණ්ඩායම් දිගින් දිගටම චෝදනා කළේ රටට උවමනා විදුලි බලාගාර ඉදි නොකිරීමේ සහ විදුලිය කපා ජනතාව අහසුතාවට පත් කිරීමේ මූලික අරමුණ පෞද්ගලික බලාගාර හිමියන්ගෙන් කෝටි ගණනින් කොමිස් ලබා ගනිමින් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලයට ගැනීමට බවය.

මෙම හදිසි විදුලිය මිල දී ගැනීම්වලදී විදුලිය ඒකකයක් සඳහා වැඩි මිලක් ගෙවීමට සිදුවෙයි. මේ වන විට විදුලිය බල මණ්ඩලය රටට විදුලිය සැපයීම සඳහා දරන වියදමින් 35%ක් පෞද්ගලික බලාගාර හිමියන්ගේ සාක්කුවලට යයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස