ලංවිමට රු. බිලියන 3ක බාල ජෙනරේටර්

March 1, 2019 at 11:01 am | by admin

මිල ගණන් අඩු යැයි කියමින් ටෙන්ඩර් පටිපාටියට පිටින් යමින් ඉන්දීය සමාගමකින් මෙරටට ගෙන්වූ මෙගාවොට් එකකින් යුත් ජංගම විදුලි ජෙනරේටර් දහයක් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වී තිබේ.

මෙම විදුලි ජෙනරේටර් දහය මේ වනවිට තුල්හිරිය විදුලිබල මණ්ඩල වැඩ බිමේ තබාගෙන ඊට අලුත් පද්ධති සවිකිරීමට පටන්ගෙන තිබෙන බව ඉන්ජිනේරුවෝ හෙළිකර සිටිති.

රුපියල් බිලියන තුනක් පමණ වැයකොට මෙම මෙගාවොට් 1කින් යුත් ජංගම විදුලි ජෙනරේටර් 50ක් ලංකා විදුලිබල මණ්ඩලයට මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය අදාළ ඉන්දීය සමාගමකට පිරිනමා තිබිණි.

මෙම විදුලි ජෙනරේටර් ලංවිමට මිලදී ගෙන ඇත්තේ එහි මිල ගණන් පමණක් පදනම් කරගෙන බවත් ප්‍රමිතිය පිළිබඳ සැලකිල්ලක් යොමුකර නැති බවත් ඉන්ජිනේරුවෝ කියා සිටිති.

දැනට මෙරටට ගෙනැවිත් ඇති ජෙනරේටර් 10 ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වී තිබියදීත් ඉතිරි ජෙනරේටර් 40 මෙරටට ගෙන්වීමට පිරිසක් උත්සාහ ගන්නා බවද ඉන්ජිනේරුවරු කියා සිටිති.

ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම ජෙනරේටර් තැනින් තැනට ගෙන යමින් හදිසි අවස්ථාවලදී අවශ්‍ය විදුලිය පද්ධතියට එක්කර ගැනීම සඳහා මිලදී ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *