විදුලිබල මණ්ඩලය කෝටි දහස් ගණනින් පාඩු ලබයි! ඉහළ නිලධාරීන් බිලියනපතියන් වෙලා! නිලධාරීන්ගේ වත්කම් සොයන්න ආණ්ඩුව සූදානම්!

December 22, 2019 at 9:06 am | by emanisa.lk

පසුගිය රජය සමයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ සොයා බැලීමට ආණ්ඩුව තීරණය කර ඇත.

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සංගම් සහ විදුලි පාරිභෝගිකයන්ගේ සංගම් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරට කළ යෝජනාවකට අනුව මෙම තීරණයට එළැඹි බව සඳහන් වෙයි.

ඇතැම් නිලධාරීන් බිලියනපතියන් වී ඇති බවද වෘත්තීය සංගම් සඳහන් කර ඇත. රාජ්‍ය සේවකයන් රාජ්‍ය සේවාව ආරම්භයේදී වත්කම් සහ බැරකම් ප්‍රකාශයක්ද ඉදිරිපත් කරයි.

කිසියම් නිලධාරියකු මහජනතාවට හානි වන අයුරින් අයථා ක්‍රම මගින් ධනය උපයාගෙන ඇති නම් නීත්‍යනුකූලව යළි ලබා ගැනීමටද ආණ්ඩුව තීරණය කර තිබේ.

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිදු වෙතැයි පුරෝකථනය කර ඇති විදුලිය කප්පාදුවට ඇතැම් නිලධාරීන්ද වගකිව යුතු බව වෘත්තීය සංගම් අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස