වහාබ් ත්‍රස්තවාදීන්ට වඩා භයානක බදියුදීන්, සාලි, හිස්බුල්ලා සහ මුජිබර් රහුමාන් මේ ආණ්ඩුවේ ඉන්නවා! – උදයශාන්ත ගුණසේකර

May 24, 2019 at 12:14 pm | by admin

මාසයක් ගත වී ඇතත් රට තුළ ව්‍යාප්තව ඇති වහාබ්වාදී ත‍්‍රස්තවාදයේ දිග පළල හරි හැටි වටහ ගැනීමට පාලකයන්ට තමත් නොහැකිවී ඇති බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

අද (23) ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි තරුණ කටයුතු ලේකම්, උදයශාන්ත ගුණසේකර මහතා මෙසේ චෝදනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් උදයශාන්ත ගුණසේකර මහතා මේ බව පැවසීය.

“පසුගියදා අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ තාක්‍ෂණ ශිල්පියකු ලෙස සේවය කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබලයකු ආරක්‍ෂක අංශවලට පවසා තිබුණේ අයිඑස් සංවිධානයේ පුහුණුව ලැබූ ඕනෑම ත‍්‍රස්ත ප‍්‍රහාරයකට යොමු කළ හැකි 1000කට වැඩි පිරිසක් මෙරට සිටින බව යැයි ද එහෙත් රටේ සේනාධිනායකයා පවසන්නේ රට තුළ ඇත්තේ ත‍්‍රස්තවාදින් 158 දෙනෙකු පමණක් කියා යැයි ද යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

එසේම මේ වන විට වහාබ්වාදී කඳවුරු 17ක් ආරක්‍ෂක අංශ විසින් සොයා ගෙන ඇති නිසා ඒවායින් පුහුණුව ලබා ඇත්තේ 150ක පමණ පිරිසක් දැයි තමන් සේනාධිනායකවරයාගෙන් ප‍්‍රශ්න කරන බව ද උදයශාන්ත ගුණසේකර මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා ප‍්‍රකාශකර තිබුණේ එක් අයකු හැර සියලූ වහාබ්වාදී ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන අවසන් බව යැයි ද ඉන් පෙනී යන්නේ මේ පාලකයන්ගේ සියලූ ප‍්‍රකාශවල තිබෙන වගකීම් විරහිත බව යැයි ද ගුණසේකර මහතා පෙන්වා දුන්නේය.

රට තුළ සිටින වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා භයානක ඔවුන්ට උඩගෙඩි දුන්, ඔවුන්ගේ ආරක්‍ෂකයන් ලෙස කටයුතු කළ රිෂාඞ් බදුර්දීන්, අසාත් සාලි, හිස්බුල්ලා හා මුජිබර් රහුමාන් යන ‘කපටි නරීන්’ සිව් දෙනා බව තේරුම් ගැනීම ඉතා වැදගත් බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඔවුන්ගේ ඡන්ද කුට්ටිවලට කෑදර වී ජන ජීවිත සමඟ කරන මේ ‘දාං ඇදිල්ල’ දැන්වත් නකතර කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ අන්තවාදයන් පැරදවිය හැකි, කිසිදු අන්තවාදයකට වැඞීමට ඉඩ නොදෙන පාලනයක් තුළින් පමණක් මේ ප‍්‍රශ්නය විසඳිය හැකි බවත් ශරියා නීති, විවිධ විවාහ නීති ආදිය අහෝසි කර මුළු රටම එකට නීති පද්ධතියක් යටතට ගෙන ඒම සිදු කළ හැක්කේ ද එවැනි පාලනයක් යටතේ බවත් ගුණසේකර මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස