වතුකරයේ වෘත්තීය සමිති ආණ්ඩුව එක්ක යාළු නිසා ජනතාවට අයිතිවාසිකම් නෑ! ජනතාවට අයිතිවාසිකම් දිනා දෙන්න පුළුවන් ආණ්ඩුව එක්ක යාළු නැති අපිට විතරයි! – ජවිපෙ

April 1, 2019 at 7:17 am | by admin

වතුකරයේ වෘත්තිය සමිතිවල නායකයින් පාලකයින්ට පක්ෂපාතිව කටයුතු කරන නිසා වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනිමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

වතුකරය නියෝජනය කරන ඇතැම් දේශපාලනඥයන්ට මෙන්ම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇතැම් ඇමතිවරුන්ට වතු තිබෙන නිසා වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ වැඩි වැටුපක් ලබා දිමට කටයුතු නොකරන බව ඔහු වැඩිදුරටත් පැවසිය.

රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ පිහිටුවා ඇති වෘත්තිය සමිති අතරින් රටේ පාලකයන් සමග ගැටෙමින් ජනතාවගේ අයිතිවාසිකම් ලබාදෙන එකම වෘත්තිය සමිති ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය පුරා ආණ්ඩුව සමග ඉතාම සමීපව කටයුතු කළ අතර ආණ්ඩුව අපහසුතාවට පත්වන අවස්ථාවල විවිධ හේතු ඉදිරිපත් කරමින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කළ බවට චෝදනා නැඟෙයි.

එසේම පසුගිය කාලය පුරා ඔවුන් ආණ්ඩු විරෝධී කිසිදු වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක යෙදුණේ ද නැත. සමාජජාලාවල පවසන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලිප්ටන් වට රවුමේ හැමදාම සටන් කළ ජවිපෙට අද ලිප්ටන් වට රවුමට එන පාර ද අමතක බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස