වංචාවට දූෂණයට එරෙහිව අවි ඔසවන කවුද මේ ගාමිණී විජේසිංහ…!

April 27, 2022 at 10:25 pm | by emanisa.lk

මේ දිනවල රටේ පවතින දේශපාලන අර්බුදය හමුවේ විවිධ චරිත එම අර්බුදය විසදීම සදහා නායකත්වය ගැනීමට ඉදිරිපත්වන ආකාරයද අපහට දැකගත හැකිය. ඒ අතර එක් චරිතයක් වන්නේ හිටපු විගණකාධිපති ගාමීණී විජේසිංහයි. පසුගිය 2019 ජනාධිපතිවරණ සමයේ කරලියට පැමිණි මෙම හිටපු විගණකාධිපති ගාමීණී විජේසිංහ හට එම අවස්ථාවේ නාමයෝජනා බපාපොරොත්තු වුවද හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඉන් පසුව පසුගිය වසර දෙකක කාලය තුල පොලොන්නරුවේ කුඹුරු කොටමින් සිට හදිස්සියේ නැවත මතුවුයේ වත්මන් දේශපාලන අර්බුදයත් සමඟය.

රටේ මුල්‍ය විනය හා පාලකයින්ගේ මෙන්ම නිලධාරීන්ගේ වංචා දුෂණ සම්බන්දයෙන් අද වන විට හඩ අවදි කරන හිටපු විගණකාධිපති ගාමීණී විජේසිංහගෙන් අපට ඇසීමට ප්‍රශ්ණ ගණනාවක් ඇත. මන්ද අද වංචාවට දුෂණයට එරෙහිව මහා වීරයෙකු ලෙස පෙනී සිටින සමහර කීබෝඩ් වීරයන්ගේ චරිතයක් වන මොහු විගණාකාධීපති ලෙස කටයුතු කල අවදියේ රට වෙනුවෙන් සිදුකල කාර්යභාරය කෙබදුද යන්න මුලින්ම විමසා බැලිය යුතුය.

2015 ජනවාරි මාසේ බලයට පැමිනි මෛත්‍රීපාල සිරිසේන විසින් තම දේශපාලන බල ප්‍රදේශය වන පොලොන්නරුවේ පුද්ගලයෙක් වන ගාමීණි විජේසිංහ විගණකාධිපති ලෙස නම් කරනු ලබයි. ඊට පෙර ඔහු දේශිය ආදායම් දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස සේවය කරන ලදි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර මොහු වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරය ඇතුළු රාජය ආයතන කිහිපයක දේශපාලන පත්වීම් ලබා තිබිණි.

මොහු වරෙක ප්‍රකාශ කලේ රාජ්‍ය ආයතන වල වියදම් වලින් 25% ක ප්‍රතිශතයක් අවභාවිතා වන බවයි. එසේ රාජ්‍ය ආයතන වල නාස්තිය ගැන අද කතා කරන ගාමිණි විජේසිංහ තමා විගණකාධිපති ධුරය දරන සමයේ විගණන දෙපාර්තමේන්තුවේ 1500ක් පමණ වන සේවකයින්ගෙන් 1360ක් වරින් වර කණ්ඩායම් ලෙස මැලේසියාවේ පුහුණුවකට යැයි පවසා විදෙස් සංචාර සදහා යොමු කර තිබේ. ඒ සදහා වැය වු මුදල රුපියල් කෝටි 41කට අධිකය.

මෙම කණ්ඩායම් මැලේසියවේ සති දෙකක කාලයක් ගත කර ලබාගත් පුහුණුවක් නොමැත. සාප්පු සවාරී යෑම සහ විනෝදවීම හැර වෙන සිදුවු දෙයක් නොමැති බව එම පුහුණුවට ගිය පිරිස් විසින්ම අනාවරනය කර තිබේ. මැලේසියාවේ විගණකාධිපතිවරයාම මෙම ක්‍රීයාව විවේචනය කර තිබු අතර ඔහු පවසා තිබුනේ තෝරා ගත් කණ්ඩායමක් සදහා පුහුණුව ලබාදී ඔවුන් හරහා අනෙකුත් සේවකයින් හට එම දැණුම ලබාදිය හැකි බවයි.

ඊළඟ කරුණ වන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව කුරුවිට ප්‍රෙද්ශයේ පැවති නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය කොළඹට දුර වැඩි යැයි පවසා සබරගමුව විශ්ව විද්‍යාලයට ලබාදීමයි. කුරුවිට මැලේසියාවට වඩා දුර දැයි අප ගාමිණී විජේසිංහගෙන් විමසා සිටිමු. කුරුවිට පුහුණු මධ්‍යස්ථානය විකුණා හොරණ ප්‍රදේශයෙන් අක්කර 25ක භූමියක් රුපියල් බිලියන 10ක් වැයකර මිලදී ගෙන එහි පුහුණු මධ්‍යස්ථානයක් ඉදිරීමට සැලසුම් කරන ලදි. මුළු සේවකයින් 1500ක් වන ආයතනයකට එක් වරකට සේකයින් 50ක් හෝ 60ක් පමණ පිරිසක් පුහුණු කිරීමට අක්කර 25ක භූමිභාගයක් කුමකටදැයි අප ප්‍රශ්ණ කරමු. මෙම කාලයේදී සේවකයින් 45ක පිරිසක් පුහුණු කිරීම සදහා ස්ථානයක් නොමැතිව කුකුලේගඟ හමුදා කදවුරේ පහසුකම් ලබාගැනීමට වරක් සිදුවිය. තමන්ගේ දෙපාර්තමේන්තුවට තිබුණු කුරුවිට පුහුණු කිරීමේ මධ්‍යස්ථානය අහිමි කරගෙන මෙලෙස මහජන ධනය කාබාසිනා කිරීම ගැන අද වැදි බණ දෙන ගාමීණී විජේසිංහ රට හමුවේ පිලිතුරු දිය යුතුව ඇත.

තවත් කරුණක් වන්නේ ගාමිනී විජේසිංහ විගණකාධිපති ලෙස පත්වීමට පෙර හිටපු විගණකාධිපතිවරයා භාවිතා කල මොන්ටේරෝ ස්පෝර්ට්ස් රථය ඉතා අධික මුදලක් වැය කර අලුත්වැඩියා කර තිබියදී 2016 වසරේ සිට අධි සුඛෝපභෝගී බෙන්ස් රථයක් රුපියල් පන්ලක්ෂ තිස්පන්දාහක (535000) මාසික කුලියට ලබා ගැනීමයි. එහි වාර්ෂික කුලිය රුපියල් හැට හතර ලක්ෂයද ඉක්මවයි. මෙහිදී ද කුලී පදනම මත වාහනයක් ලබාගන්නේ නම් ලක්ෂ හතරකට වඩා අඩුවිය යුතුයැයි කොන්දේසියක් තිබුනද මෙම වාහනය ලබාගන්නේ ඊට වඩා වැඩි මුදලකටය. අද නාස්තිය ගැන පාරම්බාන හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහගේ රථ ගාය ගැන මෙයින් අවබෝධයක් ලබාගත හැකිය. මෙසේ වියදම් කරන්නේ මහජන ධනය නොවන්නේදැයි ගාමිණි විජේසිංහ නොදැන සිටියාද? තමන්ට නිල රථයක් තිබියදී විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට එරෙහි වනවිට පවා වසරකට ලක්ෂ 64ක් වැයකර කුලී පදනම මත වාහනයක් ලබාගැනීම නිවැරදි ද?

ඉහත බෙන්ස් රථයට අමතරව දෙපාර්තමේන්තුව සදහා කුලී පදනම මත ඩබල් කැබ් 25ක්ද මොහුගේ පාලන කාලය තුල ලබාගන්නා ලදි. ඒ සදහා මාසයකට කුලිය තිස් හතර ලක්ෂයක් ගෙවා තිබේ. මෙම ඩබල් කැබ් වල ධාවන සීමාව කිලෝ මීටර් 3000ක් ලෙස සටහන් වුවද කොළඹ අවට ධාවනය වු ඒවා කිලෝ මීටර් 1000ක්වත් ධාවනය නොවු බව වාර්තාවේ.

එමෙන්ම හිටපු විගණකාධිපතිවරයාගේ අත්සන් හොරෙන් භාවිතා කර සේවය අහිමි වු සේවකයෙකු ඉතා සුක්ෂම ලෙස නැවත බඳවා ගැනීමටද ගාමිණි විජේසිංහ මහතා කටයුතු කල තිබුණි. රාජ්‍ය සේවා කොමිෂමේ අවසරයකින් තොරව එසේ නැවත සේවය පිහිටුවීමට නොහැකි වුවද ගාමිණි විජේසිංහ ඊට පටහැනිව ඔහුව යලි සේවයේ පිහිටුවා තිබුණී.

මීට අමතරව විගණකාධිපතිවරයා ලෙස මොහුට ලැබෙව වාහන බලපත්‍රයද මොහු විසින් විකුණා ඇති අතර ඒ හරහාද රටට අතිවිශාල ධනයක් අහිමිකර තිබේ.

රාජ්‍ය ආයතන වල වංචා දුෂණ පිලිබදව විගණනය කර ඒ පිලිබදව සොයා බලා රජයේ නාස්තිය හා දුෂණය අවම කිරීමට වැඩ කළ යුතු රජයේ විගණකාධීපතිවරයාගේ හැසිරීම මෙලෙස නම් අනෙතුක් ආයතන ගැන කතා කිරීම පලක් වේද?

මෙලෙස විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ සිදුකල වංචා දුෂණ වලට එරෙහිව ගාමිණි විජේසිංහ හට අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද ඉදිරිපත්වී තිබේ. එහි විභාගය මේ වන විටත් අවසන් වී නොමැති අතර විවිධ බලපෑම් කරමින් එය කල් දමමින් සිටින බවටද අප වෙත තොරතුරු වාර්තාවේ වේ. ඒ පිලිබද ලිඛිත සාක්ෂි අප විසින් පහලින් දක්වා තිබේ.

ඒ නිසා රටේ නාස්තිය දුෂණය ගැන අද වේදිකාවල උස් හඩින් මොර දෙන හිටපු විගණකාධිපතිවරයාගේ භාවිතාව ගැන සොයා බැලීම රටේ බුද්ධිමත් පුරවැසියන්ගේ වගකීමකි. රටේ පවතින දේශපාලන අර්බුදයට මුවා වෙමින් තමන්ට තනතුරු තාන්න මාන්න ලබාගැනීමට පොර කන මෙවැනි රාජ්‍ය නිලධාරීන් රටේ බංකොලොත් කළ දේශපාලනඥයින් සේම මෙම අර්බුදයට වගකිව යුතුව ඇත.

(උපුටා ගැනීම ColomboXnews)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස