තව මාසෙන් රට බංකොලොත්…! ආණ්ඩුව රට උගසට තියයි,.! ගොඩගන්න සජිත්ට අනුරටත් බෑ…! – හිටපු විගණකාධිපති…

April 10, 2022 at 9:41 pm | by emanisa.lk

තවත් මාසයක කාලයක් ගත වීමට මත්තෙන් ශ්‍රී ලංකාවට බංකොලොත් රටක් බවට පත්වනු ඇති බවට හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ අනතුරු අඟවයි..

අද (10) කොළඹ දී පැවැති විරෝධතාවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙවැනි ඉරණමක් අත්වන බවට වසරකට පමණ පෙර සිට අනතුරු ඇඟවීම් සිදුකළ නමුත් ආණ්ඩුව ඊට කන්දීමට සූදානම් නොවූ බවයි, හිටපු විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

වත්මන් පාලනයට ලබාදිය හැකි එක ම විසඳුම දිගින් දිගට ම විදෙස් රටවලින් ණය ලබාගෙන අර්බුදය කළමනාකරණය කර ගැනීම පමණක් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට උගසට තැබීමට සිදුවන බවත් පෙන්වා දෙන ගාමිණී විජේසිංහ පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට ගිය ද ස්ථිර විසඳුමක් නොලැබෙන බවයි.

රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයෙන් ගොඩ ගැනීමට සජිත් ප්‍රේමදාසට හෝ අනුර දිසානායකට හෝ නොහැකි බව ද ඔහු පවසයි. පවත්නා ක්‍රමය නඩත්තු කිරීම හැර වෙනත් විසඳුමක් ඔවුන් සතුව නොමැති බව ද ගාමිණී විජේසිංහ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *