රිෂාඩ්ට එරෙහි චෝදනා ගැන විවාද කරලා වැඩක් නෑ! ජවිපෙ විශ්වාසභංගය මුලින් විවාදයට ගත යුතුයි! – පාඨලී

May 31, 2019 at 8:22 am | by admin

විශ්වාසභංග යෝජනාවෙන් එල්ල කර ඇති චෝදනා පිළිබඳව ආරක්ෂක අංශවලට විමර්ශනය කිරීමට ඉඩදීම සඳහා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැසීය.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සියල්ල බරපතළ අපරාධ ගණයට වැටෙන බැවින් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ වාද විවාද කිරීමෙන් පලක් නැතැයි කී ඇමතිවරයා ඒවා විමර්ශනය කළ යුත්තේ පොලිසිය සහ බුද්ධි අංශ විසින් යැයිද කීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා දෙකෙන් ප්‍රථමයෙන් ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු යැයිද ඇමැතිවරයා කීය.

බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙම කරුණු ප්‍රකාශ කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස