රාමසාන් නිසා ඉල්ලා අස්වීමේ ලිපි යවන්න බැරි වුණා! ඉක්මනට ජනාධිපතිතුමාට ලිපි ටික යවන්න ඕන! – හකීම්

June 6, 2019 at 4:51 pm | by emanisa.lk

ආණ්ඩුවේ ඇමති ධූරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කිරීම ප්‍රමාද වූයේ රාමසාන් උත්සවය හේතුවෙන් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පවසයි.

සියලු දෙනාම එක්ව අගමැතිවරයාට එක් ලිපියක් මගින් ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම් දුන් බව අද (06) පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව ඉල්ලා අස්වීමේ ලිපි වෙන වෙනම ජනාධිපතිවරයා වෙත යොමු කරන ලෙස අගමැතිවරයා දන්වා සිටියද රාමසාන් සමය හේතුවෙන් එය ප්‍රමාද වූ බව ඔහු සඳහන් කළේය. එම ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කරන බවද ඔහු පැවසීය.

මහ නා හිමිවරුන් ඊයේ (05) චෝදනාවට ලක් නොවූ මුස්ලිම් මන්ත්‍රීරුන් යළි වගකීම් භාර ගෙන පාලන තන්ත‍්‍රය හා එක්වන ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට අනුව ඉදිරියේදී උන්වහන්සේලා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ද හකීම් මහතා පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස