රාජිත රැගෙන යන්න වෛද්‍ය මුබාරක් අවසර නොදෙයි! රාජිත තව දුරටත් ලංකා රෝහලේ!

December 29, 2019 at 10:52 pm | by emanisa.lk

බන්ධනාගාර වෛද්‍ය නිලධාරීන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට මාරු කිරීම සඳහා සුදුසු සෞඛ්‍ය මට්ටමක සිටින බවට නිර්දේශ කළ ද ඔහු තව දුරටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

ඒ රාජිත සේනාරත්නට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මුබාරක් ඔහු මුදා හැරීමට නිර්දේශ නොකිරීම නිසා රෝහලෙන් මුදා හැර නොමැති නිසාය.

රාජිතගේ හෘද රෝග තත්ත්වය සාමාන්‍ය තත්ත්වයේ තිබිය දී පවා ඔහුගෙන් ප්‍රකාශ ලබාගත නොහැකි බවට මෙම වෛද්‍යවරයා නිර්දේශ කර තිබූ බවට ද චෝදනා නැඟෙයි.

අද (29) රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාමට පැමිණි බන්ධනාගාර ගිලන් රථය ද අනතුරුව ලංකා රෝහලින් නික්ම ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස