රනිල් කැලණි විහාර සභාපතිකමින් ඉල්ලා අස්වූ බව අපි නම් දන්නේ නෑ! – ලේකම්

September 3, 2019 at 11:17 am | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහ කැලණි විහාර දායක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවක් මේ වන තෙක් තමන් වෙත ලිඛිතව හෝ වාචිකව දන්වා නැතැයි එම දායක සභාවේ සම ලේකම් සමන් රණසිංහ පවසයි.

එවැනි ඉල්ලා අස්වීමක් සිදුවූයේ නම් විහාරාධිපති කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමියන්ට හෝ තමන්ට හෝ අනෙක් සම ලේකම්වරුන් දෙදෙනාට හෝ දැනුම්දිය යුතුව ඇති බව ඔහු පවසයි.

කැලණි විහාර දායක සභාවට සභාපතිවරයාගෙන් විය යුතු යුතුකම් ඉටු නොවන බව පවසා පසුගියදා ඔහු එම පදවියෙන් ඉවත් කිරීමට දායක සභාව යෝජනා කර තිබිණි. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද සිය ගණනක් ලැබී ඇති අතර ඊට එරෙහි වී ඇත්තේ 7 දෙනෙකු පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස