රට සංවර්ධනය කරනවා කියන්නේ ගෙවල් හදන එකට නෙමෙයි! ලක්ෂ ගණන් ණය දීලා ජනතාව ආණ්ඩුවේ ණයකාරයෝ කරන එකත් නෙමෙයි! – රවී

August 2, 2019 at 3:48 pm | by emanisa.lk

රට සංවර්ධනය කිරීම යනු ජනතාවට ලක්ෂ ගණන් ණය දී ඔවුන් ආණ්ඩුවට ණයකාරයන් කිරීම නොවන බව රටේ නායකත්වය ගැන සිහින දකින පුද්ගලයන් අවබෝධ කරගත යුතු බව අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) පස්වරුවේ කොළඹ 11, ඕල්කට් මාවතේ පොදු වෙළඳ සංගමයට ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් ලබාදීම සඳහා නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

“රට සංවර්ධනය කිරිම කියන්නේ ගෙවල් හදනවා වගේ වැඩක් නෙවෙයි. ඊට වඩා බොහොම සංකීර්ණ කටයුත්තක්.”

“අපි බොහොම සෘජුයි. දවසින් දවස අපි වෙන වෙන තාල තියන්නේ නැහැ. එක එක්කෙනා එහෙ මෙහෙ කෑගැහුවට අපේ තීරණ වෙනස් වෙන්නේ නැහැ.”

“ජයග්‍රහණය කරන්න පුළුවන් සුදුසු පුද්ගලයෙක් අපි නියම වෙලාවට ඉදිරිපත් කරනවා. නමුත් තවමත් අපි පක්ෂයෙන් කිසිදු කෙනෙක් සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ.”

“මුහුණුපොතේ එක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා මම එතුමාට මඩගසන්න ලක්ෂ 03 ක් වියදම් කරලා කියලා. තඹ සතයක් නොවටින කෙනෙක්ට මඩගහන්න ඇයි මම වියදම් කරන්නේ.”

“ඒ කියන අය තමයි එහෙම දේවල් කරන්නේ. එයාලා ඒ දේවල් කරලා හිර වුණාම, අනිත් අයට පද හදනවා. මේ වගේ විලිලැජ්ජා නැති කතා කියන අය එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා කියන එක වසර 25 ක් තිස්සේ පක්ෂය රැකගත්ත අපිටත් ලැජ්ජාවක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස