රටේම අපේක්ෂාව ගෝඨා පොහොට්ටුවේ ජනපති අපේක්ෂක වෙයි! අගෝස්තු 11 පක්ෂ සමුළුවට පසු රටම දිග්විජය කරන්න සැලසුම් කර අවසන්! (video)

June 22, 2019 at 9:56 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ළාබාලතම මෙන්ම බලවත්ම පක්ෂය බවට පත්ව ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව අගෝස්තු 11 වෙනිදා පැවැත්වීමටත් එහිදී පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දීමටත් එහිදී ඔහු විසින් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජක්ෂ නාමය ප්‍රකාශයට පත් කිරීමටත් නියමිතය.

අනතුරුව සඳුදා දින සියලු දෙනා අනුරාධපුරය බලා ගොස් රුවන්වැලි සෑය වැඳපුදා ගනු ඇත. ඊට පසු දළදා මාළිගාවත් ඉනික්බිති කතරගම කිරිවෙහෙරත් වැඳපුදා ගන්නා පිරිස පසුව ගාල්ල ඔස්සේ කොළඹ පැමිණ කාදිනල් හිමියන් බැහැදැකීමටත් නියමිතය. ඊට පසු හලාවත මුන්නේශ්වරන් කෝවිළට පිරිස යනු ඇත.

මේ ආකාරයට සඳුදා සිට සිකුරාදා දක්වා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග පිරිස රට වටා ගමන් කිරීමට සහ ආගමික සිද්ධස්ථාන වැඳපුදා ගෙන ආගමික නායකයන් මුණ ගැසී ආශීර්වාද ලබා ගැනීමටත් සැලසුම් කර තිබේ. මෙම සැලසුම පසුගියදා පක්ෂ හමුවක දී හෙළි කළේ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසිනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස