රංජන් භික්ෂූන්ට කිසිම අපහාසයක් කළේ නෑ! නායක හාමුදුරුවන්ට ඒඩ්ස් කිව්වාම මම ඔළුවේ අත තියාගත්තා! – දඹර අමිල හිමි (video)

July 31, 2019 at 1:34 pm | by emanisa.lk

පන්සල්වල ඇතැම් නායක හාමුදුරුවරුන්ට එඩ්ස් වැළඳී ඇති බවත් එම පන්සල්වල තවත් කුඩා සාමනේරයන් වහන්සේලා 10-12 සිටින බවත් ඇසූ තමන් ඔළුවේ අත තබා ගත් බව පූජ්‍ය දඹර අමිල හිමි පවසයි. කිසිම හේතුවක් මත ඒඩ්ස් රෝගියකු සමග ළමුන් හෝ කිසිවකු නොතබන බව ද අමිල හිමි අවධාරණය කළේය.

විශ්වවිද්‍යාලයේ ආචාර්වරයකු ඒඩ්ස් වැළඳී ඇත්නම් ඔහුගෙන් ඉගෙන ගැනීමට සිසුන් පන්ති කාමරයට පැමිණෙන්නේ නම් එය විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් බවත් මිනී මරණ තත්ත්වයක් බවත් එහිමියන් වැඩි දුරටත් පෙන්වා දෙයි.

රංජන් රාමනායකට බුදු දහමට නින්දා කිරීමේ අරමුණක් නොමැති බවත් යමෙකු හඳ පෙන්වූ පසු හඳ දෙස නොබලා ඇඟිල්ල සහ ඇඟිල්ල අයිති පුද්ගලයාගේ ජාතිය ආගම දෙස බැලීම නොකළ යුතු බව ද අමිලි හිමි පැවසීය.

රංජන් රාමනායක ළමා අපයෝජන සහ අපරාධවලට සම්බන්ධ කාරක සභාවේ සාමාජිකයකු බවත් එහෙයින් ඔහු වෙත තොරතුරු ගලා එන බවත් පැවසූ අමිල හිමි රංජන් හරි යැයි ද පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස