මෛත්‍රී ඉල්ලූ දිස්ත්‍රික් නායකත්වය නොලැබෙයි! නිකන්ම අපේක්ෂකයෙක් ලෙස නාමයෝජනා අත්සන් කරයි!

March 12, 2020 at 11:09 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රීක් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රීක් කණ්ඩායම් නායකයින් නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුවද පොළොන්නරු දිස්ත්‍රීක්කයේ කිසිවෙකුත් කණ්ඩායම් නායකයෙකු ලෙස ඊට අත්සන් තැබුවේ නැත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන විසින් පොළොන්නරුව කණ්ඩායම් නායකත්වය ඉල්ලා තිබුණද එම අවස්ථාව නොලැබීම හේතුවෙන් ඔහු එම ස්ථානයෙන් පිටව ගිය බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස