මුලතිව් මරණ දෙක කොරෝනා නිසා නෙවෙයි! – හමුදාපති

May 2, 2020 at 10:22 am | by emanisa.lk

මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක ඊයේ (1) සිදු වූ මරණවලට හේතුව නව කොරෝනා නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

වයස්ගත පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති අතර සමාන්‍ය හේතුන් නිසා මරණ සිදු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් වැඩිදුරටත් තහවුරු වී ඇත.

මුලතිව්හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි එම පුද්ගලයින් දෙදෙනා විවිධ රෝගවලින් සිට ඇති බවත් ගුවන් හමුදා වෛද්‍යවරුන් ද ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම අවස්ථා කිහිපයකදීම සිදුකළ බවත් හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස