මැතිවරණයට පෙර පොලිස් මුල් පුටුවලට එජාප හිතවතුන්! ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිය ගණනකට මාරුවීම්!

August 18, 2019 at 11:32 am | by emanisa.lk

හදිසි අවශ්‍යතා මත බව අඟවමින් පසුගිය සති දෙකේ ස්ථාන මාරු කළ ඉහළ පොලිස් නිලධාරීන් බොහොමයක් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ නිර්දේශ මත සිදු කළ ඒවා බව වාර්තා වේ.

මැතිවරණයට පෙර සිය හිතවතුන් එම ප්‍රධාන පුටුවල වාඩි කරවා ගැනීම සඳහා මෙම හදිසි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව ගෙවුණු අවස්ථා දෙකේදී ඉහළ පොලිස් නිලධාරීන් හැත්තෑවකට හා සෙසු නිලධාරීන් හතළිස් ගණනකට වැඩි පිරිසක් එක්වර ස්ථාන මාරු වීම් ලැබූ අතර ඊට නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, පොලිස් ස්ථානාධිපතිවරු අයත් වූහ.

පොලිස් කොමිසමේ නිර්දේශ මත බව පවසමින් එසේ සිදු කළ ස්ථාන මාරුවීම්වලදී කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන් හා පොලිස් ස්ථානාධිපති යන තනතුරු බොහෝමයක් පත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ ඉල්ලීම මත බව වාර්තා වේ. මින් වැඩි ප්‍රමාණයක් මාරුවීම් සිදුවී ඇත්තේ මධ්‍යම පළාතේය. ඒත් ආසන සංවිධායකවරියකගේ සොහොයුරෙකු එම පොලිසියේ ස්ථානාධිපති ලෙසත්, මෙතෙක් කලක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර හෙබවූ එම පළාතේ පොලිස් කොට්ඨාසයට පත් කර ඇත්තේ ප්‍රබල දේශපාලනඥයකුගේ එතෙක් කලක් ආරක්ෂක ප්‍රධානියාව සිටි පොලිස් අධිකාරිවරයකු බව වාර්තා වේ.

ඉදිරි සතියේ ඒ ආකාරයේ ඉහළ පොලිස් නිලධාරීන් හැත්තෑවකට වැඩි ප්‍රමාණයකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත අතර ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන්ට වර්ෂයක් ඉක්ම යන විටම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

Aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව