මාස 10කින් ආණ්ඩුව මුදල් ගෙවලා නෑ! බෙලිඅත්ත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නවතී!

July 4, 2019 at 7:34 am | by emanisa.lk

මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා මාස 10 ක කාලයක් ශ්‍රී ලංකා රජය චීනයේ කැතික් සමාගමට මුදල් නොගෙවීම හේතුවෙන් එම මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටසේ ඉදි කිරිමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව කැතික් සමාගම ප්‍රකාශ කරයි.

පසුගිය මාස දහයක කාළය තුළ පමණක් ඩොලර් මිලියන 80 ක මුදලක් ශ්‍රී ලංකා රජය විසින් එම සමාගමට ගෙවා නොමැති බව වාර්තා වන අතර ඒ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටසේ සියලු ඉදි කිරීම් නතර කිරීමත් සමඟ එහි සේවය කිරීමට පැමිණි 1500 කට අධික සේවකයින් ද නැවත හැරී ගොස් ඇත.

2015 වසරේ වැඩ ආරම්භ කෙරුණු මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 30 කින් යුක්ත මාතර බෙලිඅත්ත කොටසේ කාපට් කිරීමේ කටයුතු පසුගිය දිනවලදී සිදු කෙරුණ අතර එහි කොන්ත්‍රාත් කාලය ලබන නොවැම්බර් මස 29 වනදා අවසන් වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් නියමිත කාලය තුළදී අධිවේගී මාර්ගය සාදා දිය යුතු නිසා මේ දිනවල දිවා රාත්‍රී දෙකෙහිම ඉදි කිරිම් කටයුතු සිදු කළ අතර එම නිසා ඉදි කිරිම් කටයුතු සියයට 90 ක ප්‍රමාණයක් අවසන් කර තිබෙන බව ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම සඳහන් කරයි. චීනයේ උප කොන්ත්‍රාත් සමාගම් පහක් සහ මෙරට කොන්ත්‍රාත් සමාගමක් ද මෙම ව්‍යාපෘතියේ උප කොන්ත්‍රාත්කරුවන් ලෙස කටයුතු කරන අතර ඔවුන් සියලු දෙනාම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට සහාය පල කර තිබේ.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්වය පිළිබඳව කැතික් සමාගම හා රජයේ බලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර ලබන 09 වැනිදා පාර්ලිමේන්තුව රැස් වී ඇති වී තිබෙන තත්වය ගැන සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන තෙක් දින කිහිපයක් තාවකාලිකව ඉදි කිරිම් වැඩ කිරීමට කැතික් සමාගම එකඟ වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස