මාස හයෙන් වොක්ස්වැගන් කාර් එකක් එළියට නාවොත් ඉඩම් ජනතාවට පවරා දෙනවා! – මහින්ද

October 18, 2019 at 7:49 am | by emanisa.lk

කුලියාපිටිය වොක්ස්වැගන් කාර් කර්මාන්ත ශාලාවෙන් මාස හයක් ඇතුළත වොක්ස්වැගන් කාරයක් නිෂ්පාදනය නොකළහොත් එම ඉඩම් නැවත ජනතාවට පවරා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

එසේ නොමැතිව ජනතාවට බොරු පොරොන්දු දෙමින් රටේ ඉඩම් මංකොල්ලකෑමට ඉඩදිය නොහැකි බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තම ආණ්ඩුව වරාය ගුවන්තොටුපළ අධිවේගී මාර්ග මං තීරු හතරේ මාර්ග නිර්මාණය කරමින් වටිනාකම වැඩි කළ රටේ සම්පත් වර්තමාන ආණ්ඩුව කුණුකොල්ලයට පිටරැටියන්ට විකුණා දැමූ බවත් මහින්ද රාජපක්ෂ පෙන්වා දුන්නේය.

ඊයේ (17) කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස