මාවනැල්ලේ බුදු පිළිම කැඩූ කල්ලියට සහරාන් ලක්ෂ 20ක් දීලා! ‘උඹලා ගහලා මං ළඟට වරෙල්ලා’යැයි සහරාන් කියලා!

June 14, 2019 at 3:22 pm | by emanisa.lk

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ මෙහෙයවීම මත සිදුව ඇති බවත් අත්අඩංගුවට පත් එම පිරිසට ඇප ලබා ගැනීම සඳහා නීතිඥයන්ට ගෙවීමට සහරාන් විසින් ප්‍රධාන සැකකරුවන් වන මොහොමඞ් ඊබ්‍රහීම් සාහිඩි අබ්දුල් හක් හා මොහොමඞ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා යන දෙදෙනාගේ පියා වන රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහීම් නමැති මවුලවියාට රු. ලක්ෂ 20ක් ලබා දී ඇති බවත් අනාවරණය වී ඇත.

බුදු පිළිම විනාශ කිරීම සඳහා උපදෙස් ලබා දුන් සහරාන් හෂීම් ‘උඹලා ගහලා මං ළඟට වරෙල්ලා’යැයි සිය අනුගාමිකයන්ට පවසා ඇති බව ද ඔවුන් පාපෝච්චාරණය කර තිබේ.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා වන මවුලවිවරයා, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයේදී තරුණයන්ට අන්තවාදී න්‍යාය සම්බන්ධයෙන් උපදේශන සේවා ලබාදී ඇති බවත් ඒ සඳහා ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් ද පැමිණි බවත් මේ වන විට අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස