මාම් බිස්කට් හිමිකරු ආයුධ සමග අත්අඩංගුවට!

May 8, 2019 at 5:50 pm | by admin

සිය ආයතනයේ සේවකයෙකු ලවා ඔහුට අයත් ගිනි අවි කිහිපයක් සැඟවීමට උත්සහ කිරීමේදී මාම් බිස්කට් පුද්ගලික සමාගමේ හිමිකරු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ආයතනයේ ආරක්ෂක ප්‍රධානියා ලෙස සේවය කරන එම පුද්ගලයා පිස්ටලයක් හා වායු රයිෆල් දෙකක් රැගෙන යද්දි පසුගිය 03 වෙනිදා කටුගස්තොට පාලම අසළ ඇති ඝටිකාරාම මාර්ග බාධකයේ දී පොලිස් අත්අඩංගුවට පත්විය.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තම ආයතනයේ ප්‍රධානියා මෙම අවි සැඟවීමට තමාට උපදෙස් ලබා දුන් බවය. මේ වන විට සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස