මහින්ද නැවතත් සිය මහා පෞරුෂය විදහාපායි! සිය දේශපාලන සතුරාගේ ජීවිතයක් රැකදෙයි!

April 28, 2019 at 7:44 am | by admin

පසුගිය පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන තුනකට සහ හොටෙල් තුනකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූ අතර මඩකලපුවේ සියෝන් දේවස්ථානය ද ඊට ගොදුරු විය. එහිදී කුඩා ළමුන් පිරිසක් ඇතුළු 30ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

මේ අවස්ථාවේ දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් එම ස්ථානයට යාමට සූදානම් වූ අතර එහි දී ඔහුට ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සැලසුම් කළහ. මේ සැලසුම පිළිබඳ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට දැනගැනීමට ලැබුණු අතර ඔහු වහාම ඒ බව සුමන්දිරන් මන්ත්‍රීවරයාට දැනුම් දුන් අතර එහි සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දුන්නේය.

එම අනතුරු ඇඟවීම නිසා සුමන්දිරන් මන්ත්‍රීවරයා සියෝන් දේවස්ථානය වෙත යාමෙන් වැළකුණු අතර එසේ ගියේ නම් තමාට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පැවති බව පසුව ඔහුට ද ආරංචි විය. මෙම ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවති දින මහින්ද රාජපක්ෂ වෙත පැමිණි සුමන්දිරන් තමා අනතුරෙන් ගලවා ගැනීම පිළිබඳ ස්තූති කළේය.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා මේ පිළිබඳ කිසිවකු සමග පවසා නොතිබුණු අතර එය සිය දේශපාලන සගයන් පවා දැනගත්තේ සුමන්දිරන් පැමිණ ඔහුට ස්තූති කළ අවස්ථාවේය.

2015 රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමටත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රැක ගැනීමටත් කටයුතු කරමින් රාජපක්ෂලාගේ දේශපාලන සතුරෙකු ලෙස කටයුතු කරන සුමන්දිරන් පවා අනතුරින් ගලවා ගැනීමට තමාට කළ හැකි සුළු දෙය පවා කිරීමට අමතක නොකළේය.

ඒ රටේ කැබිනට් ඇමතිවරයකු සිය පියාගේ අනතුරු ඇඟවීම කිසිවකුට නොකියා මහා විනාශයක් සිදු වූ පසු මාධ්‍ය හමුවක් තබා රටට කියන පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස