මහින්ද දැක්කේ නැති නුවර අධිවේගී මාර්ගය මම පෙන්වන්නම්! – කිරිඇල්ල

October 30, 2019 at 9:58 am | by emanisa.lk

මධ්‍යම අධිවේගි මාර්ගයක් තමා නොදුටු බවට හිටපු ජනාධිපතිවරයා ජනතාව හමුවේ ප‍්‍රකාශ කරමින් යන බවත් ඔහු පැමිණෙනවා නම් එය පෙන්වීමට කටයුතු කරන බවත් ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහනුවරදී පැවති (28) ජාතික සේවක සංගමයේ මධ්‍යම පළාත් වෘත්තීය සමිති සම්මේලනයට සහභාගි වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන පසුගිය දිනවල මහින්ද රාජපක්ෂ මහනුවර දිස්ත්‍රික්කයට ඇවිත් යම් යම් බොරු ප‍්‍රචාර සිදුකරමින් යනවා. එතුමා පසුගියදා තිබූ රැස්වීමක ප‍්‍රකාශ කළා “කිරිඇල්ල අධිවේගී මාර්ගයක් හැදුවා අපි නම් ඒක දැක්කේ නැහැ” කියලා. මම එතුමට කියන්න කැමතියි එතුමා මා සමග එනවා නම් මම එතුමට අධිවේගි මාර්ගය පෙන්වනවා.

මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම කුරුණෑගල කොටසේ ඉදිකිරිම් මේ වනවිට 90% ක් අවසන්. මෙය අවසන් කිරීමට නොහැකි වුණේ ඔක්තෝබර් මාසයේ ආණ්ඩුව කුමන්ත‍්‍රණකාරීව උදුරාගත් නිසයි. මොකද මොවුන් ඒ කාලසීමාවේදී මෙහි ගිවිසුම් වෙනස් කරමින් වෙනත් ක‍්‍රමවේදයන් අනුව මෙය සිදුකිරීමට උත්සාහ කළා.

මහින්ද රාජපක්ෂ මැතිතුමා මහනුවර ගැන කතා කළාට එතුමා මහනුවරට කරපු ලොකුම සේවය තමයි මාලිගාව වටේ රේස් පැදපු එක. වෙන කිසිම දෙයක් කළේ නැහැ. අපේ රජය තමයි මහනුවරට සේවය කිරීමේ අරමුණින් අධිවේගි මාර්ගය ආරම්භ කළේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස