මහින්ද ඇතුළු 60කගේ මන්ත්‍රී ධුර අහිමි කරන සැලසුමක්! අලුත් මන්ත්‍රී ලැයිස්තුවත් සකසා අවසන්!

August 12, 2019 at 5:43 pm | by emanisa.lk

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමත් සමඟ මහින්ද, ඇතුළු මන්ත්‍රීවරු 60 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන තීන්දුවක් ගැනීමට සූදානම් වන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්ථා කරයි.

මේ වන විට පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්කරන මන්ත්‍රී ලැයිස්තුව හා ඒ වෙනුවට පත්කරනු ලබන ලැයිස්තුව යන දෙකම සකස් කර ඇති බවත් එය ඉදිරියේදි එක්සත් ජනතා සන්ධාන ලේඛම් මහින්ද අමරවීර විසින් මැතිවරණ කොමසාරිස්වරයාට බාරදීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

දැනට පාර්ලිමෙන්තුවේ සිටින මන්ත්‍රීවරු 95 දෙනෙකුගෙන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන ඇති බව පැවසේ.

වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත හොත් දැනට පක්ෂ සාමාජිකත්වය දරන පක්ෂයෙන් ඉවත් කිරීමට එම පක්ෂයට හැකියාව ඇති අතර එවිට ඔවුන්ගේ මන්ත්‍රී ධූරයද අහෝසි කිරීමට හැකියාව පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස