මරණ දඬුවම මාර්කට් කරලා ජනාධිපතිවරණයට යන්න හැදූ අය දැන් පස්ස ගහනවා!

April 12, 2019 at 9:00 am | by admin

මරණ දඬුවම ක්‍රියාත්මක කර සමාජ කම්පනය මැදින් ජනාධිපතිවරණයට යාමට උත්සාහ කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපය දැන් පස්ස ගහන්නේ මන්දැයි සිතාගත නොහැකි බව අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

එජාපය සහ පොදුජන පෙරමුණ ජනාධපතිවරණයක් ඉල්ලා සිටින පසුබිමක ශ්‍රීලනිපය පස්ස ගහන්නේ ඇයිදැයි මාධ්‍ය විමසූ විට ඇමතිවරයා මේ බව පැවසීය.

නව අගවිනිසුරුවරයා තෝරාපත් කළ පසු ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මතය විමසන බවට දයාසිරි ජයසේකර කළ ප්‍රකාශයට විරෝධය පළ කළ ඇමතිවරයා එය අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කරන අධිකරණය පිළිබඳ විශ්වාසය පළුදු කරන ප්‍රකාශයක් බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස