මරණ දඬුවම් නියෝග තවම ලැබුණේ නෑ! ලැබුණත් සති දෙකෙන් එල්ලන්න බෑ! – බන්ධනාගාරය

June 27, 2019 at 9:11 am | by emanisa.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ තීන්දුවට අත්සන් කළ ද මෙතෙක් එම නියෝගය තමන් වෙත ලිඛිතව ලැබී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම නියෝගය ජනාධිපති ලේකම් විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම් වෙත ඔහු විසින් බන්ධනාගාර කොමසාරිස් වෙත ද අදාළ නියෝග ලිඛිතව ලබා දිය යුතුය.

අනතුරුව ඒ පිළිබඳ අදාළ සිරකරුවන් වෙත ලිඛිතව දැනුම් දෙන අතර එය ලැබුණු බවට ඔවුන්ගෙන් අත්සන ලබා අතර එම සිරකරුවන් වෙනත් බන්ධනාගාරවල රඳවා ඇත්නම් වැලිකඩට රැගෙන එයි.

ඊට පසු තමන්ට ලැබුණු තීන්දුව පිළිබඳ ජනාධිපතිවරයාට අභියාචනා කිරීමට ඔවුන්ට සති දෙකක් ලැබේ. එම කාලය තුළ ජනාධිපති සිය නියෝගය අවලංගු නොකරන්නේ නම් අදාළ සිරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස