මම සහතික වශයෙන්ම මේ රටේ ජනාධිපති වෙනවාමයි! – අනුර දිසානායක ගාලුමුවදොර සිට රටට කියයි…

August 19, 2019 at 8:12 am | by emanisa.lk

අදින් අරඹන සටන සහතික වශයෙන් ජයග්‍රහණයෙන් අවසන් කරන බව ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

ඊයේ (18) කොළඹ ගාලු මුවදොර පිටියේ දී එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර දිසානායකගේ නම ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ජනරැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ ජනතාවට තෝරා ගැනීමට මාවත් දෙකක් ඇති බවත් එකක් දූෂණය, වංචාව, හොරකම සහ ජනතා අපේක්ෂාවන් බිඳ දමන සම්ප‍්‍රදායික දේශපාලනය බවත් අනෙක් මාවත ජනතා අපේක්ෂා ඉටුකරන නව දේශපාලනය බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

කිසිදු ජාතිවාදියකුට හෝ අන්ත වාදියකුට ජනතා ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත් ජනතා ආරක්ෂාව තහවුරු කළ හැක්කේ සෑම ජන කොට්ඨාසයක් කෙරෙහිම සමානාත්මතාවයෙන් බලා ඔවුන්ගේ අයිතිවාසිකම් රැක දෙන්නකුට බවද දිසානායක මහතා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස