මම විජේවීරගේ පුතා වුණාට ජවිපෙ පුතා නෙමේ! බෞද්ධයෙක් ලෙස රටට යුතුකම් ඉටුකරන්න සූදානම්! (video)

February 13, 2020 at 5:27 pm | by emanisa.lk

තමන් රෝහණ විජේවීරගේ පුත්‍රයා වුවද ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නොවන බවත් රෝහණ විජේවීරගේ පුතු උවිඳු විජේවීර පවසයි.

රට වෙනුවෙන් කරන්නට ඇති යුතුකමක් ඇතැයිද ඒ වෙනුවෙන් තමන් සූදානම් යයිද ඔහු කියා සිටියේය.

තමනට දේශපාලනය නොකරන්නැයි කීමට කිසිවකුට අයිතියක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

රට වෙනුවෙන් අනිවාර්යෙන්ම යුතුකම ඉටුකළ යුතු බවත් ඒ වෙනුවෙන් ඕනෑම වෙලාවක තමන් ඉදිරියට ඒමට සූදානම් බවත් හෙතෙම පැවසීය.

තමන් මහා ලොකු මාක්ස්වාදී නොව බෞද්ධ  සංස්කෘතිය මත පදනම වූ පුද්ගලයෙක් බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව