තමන් ලද සියලු තනතුරුවලින් මේ රටේ ජනතාවට සේවය කළ බවත් සිය යුතුකම ජනතාවට ඉටු කළ බවත් ඇමති රාජිත සේනාරත්න පවසයි.
ඕනෑම අයකුට තමන්ට බැණ වැදිය හැකි බවත් ඒ බහුතරය නොවන බවත් ඔහු පවසයි.
බුදුන් වහන්සේට නින්දා අපහසා කළ බවත් ජේසුස් වහන්සේට ඇණ ගසා මරා දැමූ බවත් ඇමතිවරයා පැවසීය. කිසිවකු බැණුම් නො අසන්නේ නම් එහි තේරුම ඔහු වැඩක් කර නොමැති බවද ඔහු හෙළි කළේය.
තමන්ට විරුද්ධවාදීන් බැණ වදින බවත් එය තමන්ට සුපුරුදු බවත් පැවසූ ඇමතිවරයා මේ රටේ නැවත උපදින්නට බලාපොරොත්තු නොවන බවත් පැවසීය.