මම කවදාවත් සජිත්ට සහාය දෙන්නේ නෑ! ඒවා ඔක්කොම බොරු කතා! – වෙල්ගම

October 31, 2019 at 10:54 am | by emanisa.lk

‘චන්ද්‍රිකා හා වෙල්ගම සජිත්ගේ සහායට’යන සිරස්තලය යටතේ ඊයේ (30 ) දිනපතා පුවත්පතක මුල් පිටුවේ පළවූ පුවත සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බව ශ්‍රී.ල.නි.ප. උප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිතම සාමාජිකයකු වන තමා එම පක්ෂයේ පුනර්ජීවනය සහ පැවැත්ම සඳහා කැප වනවා මිස එක්සත් ජාතික පක්ෂයට හෝ සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම කිසි කලෙකත් සිදු නොකරන බව තරයේ අවධාරණය කරන බව ද කුමාර වෙල්ගම සිය නිවේදනයෙන් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස