මට දඩ කොළයක් ලීව හයිවේ පොලිසිය වජිරට දඩ ගැහුවේ නෑ! එක රටක් එක නීතියක් කියන්නේ මේකද? – නිරූපා සේරසිංහ

October 1, 2020 at 12:22 pm | by emanisa.lk

අධිවේගී මාර්ගයේ පැයට කිලෝ මීටර් 112ක වේගයෙන් රිය ධාවනය කළේ යැයි තමන්ට දඩ කොළයක් ලබා දුන් පොලිසිය පැයට කිලෝ මීටර් 122ක වේගයෙන් ගමන් කළ හිටපු ඇමති වජිර අබේවර්ධනගේ රියට දඩ කොළයක් ලබා නොදුන් බව ජාතික ජනබලවේගයේ නිරූපා සේරසිංහ පවසයි. ඒ පිළිබඳ ඈ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙසේය.

මම ගිය සතියෙ ටිල්වින් සහෝදරයගෙ අම්මගෙ මළ ගෙදර ට සහභාගි වෙලා හයිවේ එකේ ආපහු එනකොට පිටවීමේදි මාව එක සැරේට නැවැත්තුවා …
චෝදනාව – අධික වේගයෙන් රිය ධාවනය..
පොලිස් නිලධාරි මහතා මට කිව්වා ඔබතුමිය නීතීඥවරියක් උනත් මට දඩය ලියන්නම වෙනවා, ඒත් කාටහරි කතා කරලා උදව්වක් ගන්න පුලුවන් නම් නොලිය ඉන්නම් කියලා..
මම කිව්වා එහෙම අවශ්‍ය නෑ..
ඔබ නියම විදියට මට දඩය ලියන්න කියලා..
මගේ දීර්ඝකාලීන ඩ්‍රයිවින් ජීවිතයෙ පලමු වතාවට ලැබුන දඩ කොලෙත් අරන් මම ගෙදර ආවා..
ඔන්න අද දඩය ගෙවන්න යන්න සූදානම් වෙලා බලනකොට ඔක්කොම තොරතුරු හරි වාහන අංකය වැරදිය්..
KV xxxx මගේ අංකය වෙනුවට kV 1969 වශයෙන් අංකය සදහන් වෙලා..
මමත් ඉතින් ලොක්කි වගේ ගේමට සූදානම් වෙලා අද ගියා අදාල හයිවේ පොලිස් ස්තානයට..
පැය ගානක් සිස්ටම් එක පීරලා අදාල දවසෙ තොරතුරු හොයලා බලන්කොට ඇත්තටම මම 112 වේගයෙන් ඇවිත් තමය්…මොන ගේම්ද …කටවහන් දඩ කෝලෙ නිවරැදි කරවගත්තා ගෙවන්න..
හැබැය් ඒක නෙමෙය් කතාව..
සිස්ටම් එකට අමතරව පොතකටත් තොරතුරු ඇතුලත් වෙනවා..
ඒ පොතේ ලස්සනට මගේ වාහන අංකය වේගය වෙලාව සටහන් වෙලා තියනවා…
මට දඩ කොලයක් නිකුත් කල බවට පැන්සලෙන් හරි සලකුනක් දාලා සටහන් වෙලාත් තියනව..
මගේ වාහන අංකයට යටින් තව අංකයක් තියනවා..
මට ඒකට එකසැරේට ඇහැ ගියා..
මොකද ඒක තමය් මට අර වැරදියට ලියූ අංකය දරන වාහනය..
වෙනත් ඉංග්‍රීසි අකුරු තුනක් එක්ක 1969..
වේගය, 122
පැන්සලෙන් තව වැඩි විස්තර ලියලා..
නම හිටපු අමාත්‍ය, වජිර අබේවර්ධන ..
හැබැය් ඒකෙ හරිය වෙනුවට තිබුනෙ කතිරෙ..
ඒ කියන්නෙ දඩ කොලයක් දීලා නෑ…
මම ඒබව පොලිස් නිලාධාරියා ගෙන් ඇහුවම.ඔහු ඒ බව පිලිගත්තා..
එක රටක් එක නීතියක්..
එහෙමය් ක්‍රියාත්මක වෙන්නෙ..
අවුරුදු ගාණක් ඇමතිකම් කරලා..
හොරාකාලා, කොමිස් ගහලා , ඩීල් දාලා රු. 3000 හෝ ඒ වගේ ගානක දඩයක් ගෙවන්නත් එයාලට සල්ලි නෑ…
අනේ අපි කවදාක හිනහෙමුද මේ රටේ…
ප. ලි.
සමහර අය මේ පෝස්ට් එකේ මම ලියූ දේට වඩා අරන් තියෙන්නෙ මම ගිය වේගය කියන කරුන..මම මගේ මුලු ගමනම 112ට ගියා නෙමෙය් ..අහම්බෙන් එක තැනක දි වේගය වැඩි වෙලා…ඒක වරදක් බව මම පිලිගන්නවා ..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස