මට ආණ්ඩුවට එන්න කීවෙත් නෑ, යන්නේ නෑ! ගෝළයෝ නම් ෂුවර් නෑ!

October 9, 2020 at 3:57 pm | by emanisa.lk

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම සහාය ලබා නොදෙන මුත් තම පක්ෂයේ සිටින අනිත් මන්ත්‍රීවරුන් තිදෙනා පිළිබඳව තමාට සහතික විය නොහැකි බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් විසින් සමගි ජන බලවේගය ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

ආණ්ඩුවට සහාය දෙන ලෙස තමාගෙන් පුද්ගලිකව කිසිවකු ඉල්ලීමක් කර නොමැති බව ද බදියුදීන්  එහි දී සඳහන් කර ඇත.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා රිෂාඩ් බදුර්දීන් සහ රවුෆ් හකීම් හැර ඔවුන් නායකත්වය දරන පක්ෂ දෙකෙහි අන් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස