මං අගමැති වෙලා ගම්මිරිස් මිල වැඩි කරනවා! සජිත්ගේ කොළොන්නේ ජනතාවට පොරොන්දුවක්!

July 30, 2020 at 12:31 am | by emanisa.lk

එජාප ආණ්ඩුව පරාජයට පත්වන විට මේ රටේ ගම්මිරිස් මිල රු. 650ක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ වන විට එය රු. 450 දක්වා පහත වැටී ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස රු. 200කින් බස්ස ගත් ඔබට සතුටුදැයි විමසා සිටියේය.

තම ආණ්ඩුවක් යටතේ ගම්මිරිස් සඳහා රු. 450ට වඩා මිලක් ලබා දෙන බවට ඔහු එහිදී ජනතාවට පොරොන්දු විය.

කොළොන්නේ පැවති ජනහමුවක දී (29) ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස