එදා භික්ෂූන් වහන්සේලා හිරේ විලංගුවේ දමා බය කරන්න හැදුවා! අද භික්ෂූන්ට මඩ නෙමේ අශූචි ගහනවා! -බෙල්ලන්විල ධම්මරතන හිමි (video)

August 5, 2019 at 11:00 am | by emanisa.lk

පසුගිය සමයේ හිරේ විලංගුවේ දමා භික්ෂූන් වහන්සේලා මර්දනය කිරීමට ගත් උත්සාහ ව්‍යවර්ථ වූ විට භික්ෂූන් වහන්සේගේ චරිත ඝාතන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, විහාරස්ථානයේ ඊයේ (04) පැවති උත්සවයකට එක්වෙමිනි.

මැතකදී සිට මඩ පමණක් නොව අසූචි වගේ දේ ගහමින් භික්ෂූන් වහන්සේ විනාශ කරන්න වැඩ කරගෙන ගිය බවත් මෙයට පෙර හිරේ දමා බය කිරීමට උත්සහ කළ බවත් උන් වහන්සේ පැවසූහ.

කාන්තාවකට සම්බන්ධ කර භික්ෂුන් වහන්සේට පහර ගසා භික්ෂුන් වහන්සේව කිසි දිනක වට්ටන්නට නොහැකි බවද උන්වහන්සේ අවධාරණය කළහ.

එවැනි ප්‍රකාශ කරන පිරිස් සිය දේශපාලන පක්ෂ තුල සිටී නම් ඔවුන් පන්නා දැමීට නායකයින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස